Blog Post

Medicare Health News > Health > පිළිකා රෝගයෙන් පීඩා විදින දරුවන්ට අවැසි ඖෂධ ලබාදීමේ ගෝලීය වැඩසටහනට ශ්‍රී ලංකාව එක්වෙයි

පිළිකා රෝගයෙන් පීඩා විදින දරුවන්ට අවැසි ඖෂධ ලබාදීමේ ගෝලීය වැඩසටහනට ශ්‍රී ලංකාව එක්වෙයි

ළමා පිළිකා රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ ලබාදීම පුළුල් කිරීමේ අරමුණින්, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හා St. Jude Children’s Research Hospital විසින් නායකත්වය දෙන Global Platform for Access to Childhood Cancer Medicines ගෝලීය වැඩසටහනට නිල වශයෙන් එක්වී ඇත.

මෙම වැඩසටහන, UNICEF සහ PAHO Strategic Fund සමඟ හවුල්ව ක්‍රියාත්මක වන අතර, ළමා පිළිකා ප්‍රතිකාර සඳහා ගුණාත්මක, ආරක්ෂිත හා අඩු වියදමින් ඖෂධ ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අතර එකඟතාව අත්සන් කිරීම සිදු වූ අතර, එය ශ්‍රී ලංකාව පුරා ළමා පිළිකා ප්‍රතිකාර සඳහා අඛණ්ඩ ඖෂධ සැපයුමක් සහ උසස් ප්‍රතිකාර සේවාවන් ලබාදීමට ගත් වැදගත් පියවරක් ලෙස සැලකේ.

මෙම එකඟතාවය මගින්, ළමා පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ හිඟවීම් අවම කරමින්, රෝහල් පද්ධතිය තුළ ප්‍රතිකාර කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට අපේක්ෂා කෙරේ.

Sri Lanka has officially joined the Global Platform for Access to Childhood Cancer Medicines, a landmark global initiative led by the World Health Organization (WHO) and St. Jude Children’s Research Hospital, in partnership with UNICEF and the PAHO Strategic Fund, aimed at expanding access to affordable, quality-assured cancer medicines for children worldwide.

Marking a significant milestone in strengthening childhood cancer care in the country, a Letter of Agreement between the Ministry of Health and Mass Media and the World Health Organization was signed. This agreement represents a major step forward in ensuring a more reliable and uninterrupted supply of essential childhood cancer medicines across Sri Lanka.

Through this collaboration, Sri Lanka will benefit from improved procurement mechanisms, enhanced supply chain management, and increased access to life-saving medicines that meet international quality standards. The initiative directly supports national efforts to improve treatment outcomes and reduce preventable deaths among children diagnosed with cancer.

Health authorities emphasized that joining the Global Platform reflects Sri Lanka’s strong commitment to protecting child health and aligning with global efforts to achieve equitable access to essential medicines.

By transforming global partnerships into concrete national action, Sri Lanka is reinforcing its dedication to ensuring that every child with cancer has access to timely, effective, and affordable treatment, regardless of their background or location.

Leave a comment

Your email address will not be published. Required fields are marked *