ලෝක ආයුර්වේද දිනය වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේ අද (24) විශේෂ සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණා.
මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ විශ්වීය සෞඛ්‍ය ආවරණයට ආයුර්වේදය ඒකාබද්ධ කරන නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු ආයතන කිහිපයක් එක්ව මෙම 10වන ලෝක ආයුර්වේද දිනය සැමරුම් උත්සවය සංවිධානය කිරීමට එක්ව සිටියා.
මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ද සහභාගිවීම විශේෂත්වයක් බවට පත්වුණා.
මෙම වැඩසටහනේ ප්‍රමුඛ අරමුණු වූයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීමත්, එය නවීන වෛද්‍ය විද්‍යාව සමඟ ඒකාබද්ධ කිරීමයි.