Blog Post

Medicare Health News > Government > ඖෂධ මිල පාලන යාන්ත්‍රණයක්

ඖෂධ මිල පාලන යාන්ත්‍රණයක්

ඖෂධ වැඩි මිලට අලෙවි කිරීම වැළැක්වීම සඳහා මිල පාලන යාන්ත්‍රණයක් හඳුන්වා දෙන බවත්, ඉන් පසු ලෝකයේ තිබෙන හොඳම ඖෂධ සාධාරණ මිලකට ලබා ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට හිමිවනු ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසා තිබෙනවා.

ඔහු මේ බව පවසා ඇත්තේ මහනුවර මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

මිල පාලන යාන්ත්‍රණයේ සුළු වැඩකටයුතු කිහිපයක් පමණක් සකස් කළ යුතුව තිබෙන බවත්, ඉන් පසු ඖෂධ අලෙවි සැල්වලට හිතූ හිතූ මිල ගණන්වලට බෙහෙත් විකිණීමට නොහැකි වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කොට තිබෙනවා.

“ඖෂධ සැපයුම් ජාලවල පොඩි පොඩි බිඳ වැටීම් වෙන්න පුළුවන්. රෝහල්වල නැති වෙන බෙහෙත් පිටින් අරගෙන රෝගීන්ට ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. පිළිකා රෝගීන්ට අවශ්‍ය ප්‍රධාන බෙහෙත් රෝහල්වල තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරු ඔවුන්ගේ පොදු එකඟතාවයකින් අනුමත කළ බෙහෙත් තමයි අපිට නිකුත් කරන්න පුළුවන්. නමුත් පිළිකා රෝග සඳහා අලුත් බෙහෙත් නිකුත් වෙනවා. විශේෂඥ වෛද්‍යවරු ඒ බෙහෙත් ලිව්වාම රෝගීන්ට ඒවා ලබා ගැනීමේ අපහසුතා ඇති වෙනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *