මෙරට රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූල වන නව සෞඛ්‍ය ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කරමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා නවක සෞඛ්‍ය වෘත්තිකයින් 309 දෙනෙකුට පත්වීමේ ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරි වසර 10ක් සඳහා සුවපත් සහ සෞඛ්‍යවන්ත රටක් ගොඩනඟන දැක්මකට අනුව සියලු අංශ ආවරණය වන ආකාරයෙන් මෙම සෞඛ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කරමින් සිටින බවය.
එහිදී විශේෂ අවධානයක් යොමු කරනු ලබන්නේ බෝ නොවන රෝග පාලනය, ප්‍රතිකාර ක්‍රම සංවර්ධනය, සහ මානසික සෞඛ්‍ය හා පෝෂණය වැනි අංශයන්ට බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
තවද, මෙයට සමගාමීව උපාය මාර්ගික සැලසුම්ද සකස් කරමින් පවතින අතර, මේ වර්ෂය අවසන් වීමට පෙර එම කටයුතු අවසන් කිරීමට හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
මේ අතර, සෞඛ්‍ය කාර්ය සහයකයින් 2,900ක හිඟයක් පවතින බව හඳුනාගෙන ඇති අතර, එයින් 1,900ක පුරප්පාඩු මේ වසර අවසන් වීමට පෙර පිරවීමට කටයුතු යොදන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, කිසිදු ප්‍රමාදයකින් තොරව නිසි සැලසුමකට අනුව බඳවා ගැනීම් සිදුකරමින් රෝගී සත්කාර සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීමට රජය අදාළ පියවර ගනිමින් සිටින බවය.