Blog Post

Medicare Health News > Health > ලෝක ආහාර දිනය 2025 – “වඩා හොඳ ආහාර සහ වඩා හොඳ අනාගතයක් සඳහා අත්වැල් බැඳගමු”

ලෝක ආහාර දිනය 2025 – “වඩා හොඳ ආහාර සහ වඩා හොඳ අනාගතයක් සඳහා අත්වැල් බැඳගමු”

ලෝක ආහාර දිනය සෑම වසරකම ඔක්තෝබර් 16 වන දිනට යෙදි ඇති අතර, “වඩා හොඳ ආහාර සහ වඩා හොඳ අනාගතයක් සඳහා අත්වැල් බැඳගමු” යන තේමාව යටතේ මෙවර සමරනු ලබයි.

ලෝක ආහාර දිනය සෑම වසරකම කුසගින්න, ආහාර සුරක්ෂිතතාව සහ තිරසාර ආහාර පද්ධතිය පිළිබඳ අවධානය යොමු කරයි. ජනගහනය වැඩි වීම, දේශගුණික විපර්යාස සහ පාරිසරික අභියෝග නිසා ප්‍රමාණවත්, ආරක්ෂිත සහ පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදනය වඩාත් අභියෝගාත්මක වී ඇත. එම නිසා සෑම කෙනෙකුටම සාධාරණ ආහාර ලබා දීමේ වැදගත්කම ලෝක ආහාර දිනය මඟින් යළි මතක් කරනු ලබයි.

මෙරට කෘෂිකර්ම අමාත්‍යාංශය 2028 වනවිට හෙක්ටයාරයක සාමාන්‍ය වී අස්වැන්න මෙට්‍රක් ටොන් 4.8 සිට 7 දක්වා ඉහළ දැමීමට සැලසුම් කර ඇත. එමෙන්ම, පුනරුදයට අරුණලු ජාතික ආහාර ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇත. මේ යටතේ, දිස්ත්‍රික් මට්ටමින් ගොවි සමිති 500 ක් පිහිටුවීම, බිත්තර වී නිෂ්පාදනය වැඩි කිරීම, පළිබෝධ හා වල්පාලනය අවම කිරීම වැනි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වේ.

නිවසේදී ආහාර නාස්තිය අවම කිරීම, දේශීයව වගා කරන ආහාර භාවිතය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ දැනුවත් වීම වැනි කුඩා ක්‍රියාවන්ද සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට සහ තිරසාර ආහාර පද්ධතියකට දායක වේ. කුසගින්න ගෝලීය ගැටළුවක් වුවත්, එක්ව වැඩ කිරීමෙන් එය ජයගත හැකිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *