කොළඹ – සම සුදු කරගැනීම සඳහා ලෝකයේ කිසිදු ස්ථානයක නිල වශයෙන් පිළිගත් එන්නතක් හෝ මල්ටිවිටමින් වර්ගයක් නොමැති බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පැවසීය.
ඇය පෙන්වා දුන්නේ, සම සුදු කිරීමේ නමෙන් රූපලාවණ්‍ය මධ්‍යස්ථානවල සිදුකරන විවිධ වැටලීම් හා එන්නත් කිරීමේ ක්‍රියාමාර්ගවලදී අත්අඩංගුවට ගන්නා නිෂ්පාදනවල ඇසුරුම් මත සඳහන් කේත අංක (QR) බොහෝ විට ක්‍රියාත්මක නොවන බව පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවය.
ඇය වැඩිදුරටත් පැවසුවේ, රූපලාවණ්‍ය මධ්‍යස්ථානවල සේවය කරන නිලධාරීන් හෝ නිලධාරිනියන්ට පටක තරල ප්‍රතිකාර හෝ එන්නත් කිරීමට නීතියෙන් අවසර නොමැති බවත්, ඔවුන්ට කළ හැක්කේ මතුපිට සම සම්බන්ධ සත්කාර පමණක් බවත්ය.
සම ඉක්මනින් සුදු කර ගැනීමට යැයි සිතා රසදිය සහ වෙනත් රසායනික ද්‍රව්‍ය අධිකව අන්තර්ගත ආලේපනයන් භාවිත කිරීමෙන් සමට ඇතිවන හානිය නැවත යථා තත්ත්වයට පත්කළ නොහැකි තරම් බරපතල බව ද ඇය අවධාරණය කළා.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ, එවැනි ආලේපනයන් නිසා කෙටි කාලීනව සමේ කළු හෝ දුඹුරු ලප, සම ඉරීම, නියපොතු දුඹුරු පැහැ ගැන්වීම වැනි හානියක් පෙනී යා හැකි අතර දිගු කාලීනව එය තවත් බරපතල ප්‍රතිඵල වලටද හේතු විය හැකි බවය.
ඇය අවසන් වශයෙන් ජනතාවට අවවාද කළේ, “සම සුදු කිරීම” යන නාමයෙන් ප්‍රචාරය වන අනුමත නොවූ නිෂ්පාදනවලට සහ අනියම් ප්‍රතිකාරවලට නොයැදීමත්, වෛද්‍ය උපදෙස් මත පමණක් සම සත්කාර ක්‍රියාමාර්ග සිදුකිරීමත් ඉතා වැදගත් බවයි.
Watch on Facebook:
https://www.facebook.com/share/v/19kvg2ePPa/