Blog Post

Medicare Health News > Health > ජාතික රෝහලේ නවීන කෘතිම පාද නිර්මාණ ව්‍යාපෘතියක් – Humanitarian for Empowerment ආයතනයේ සහයෝගයෙන්

ජාතික රෝහලේ නවීන කෘතිම පාද නිර්මාණ ව්‍යාපෘතියක් – Humanitarian for Empowerment ආයතනයේ සහයෝගයෙන්

කොළඹ ජාතික රෝහලේ විකලාංග අංශයේ දී නවීන තාක්ෂණය යොදාගෙන කෘතිම පාද නිර්මාණය කිරීමේ නියමු ව්‍යාපෘතිය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් නිරීක්ෂණය කරන ලදී.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ස්විස්ටර්ලන්තයේ Humanitarian For Empowerment ආයතනයේ අනුග්‍රාහකත්වයෙනි.

මෙම තාක්ෂණය මගින් විකලාංග පුද්ගලයන් සඳහා ගුණාත්මක, ස්ථායී කෘතිම පාද ලබාදීමේ හැකියාවක් උදා වනු ඇති අතර මෙවැනි නවෝත්පාදන ව්‍යාපෘති රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තවත් නවීන තත්ත්වයකට පත් කිරීමට හැකියාව ලැබේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ (හදිසි අනතුරු, විකලාංග හා ස්නායු කම්පන සේවා) වෛද්‍ය ඒ.අයි. ජාගොඩ සහ Humanitarian for Empowerment ආයතනයේ නියෝජිතයින් පිරිසක් ද සහභාගී විය.

Follow the channel on WhatsApp: whatsapp.com/channel/0029VbAfhPmJf05bul6c8Q3g

Leave a comment

Your email address will not be published. Required fields are marked *