නොවැම්බර් 14. දියවැඩියාව පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම සඳහා ලොව විශාලතම ව්‍යාපාරය ලෙස මෙම දියවැඩියා දැනුවත්භාව වැඩසටහන පිළිගැනේ. ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය (IDF) පවසන පරිදි, එය රටවල් 160 කට වැඩි ගණනක බිලියනයකට අධික ජනතාවක් වෙත ළඟා වේ.
මෙම වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) “ජීවිතයේ අදියර හරහා දියවැඩියාව” යන තේමාව තෝරාගෙන ඇත. ජීවිතයේ සෑම අදියරකදීම දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින් සඳහා පුළුල් සත්කාර සහ සහාය ලබා දීමේ වැදගත්කම මෙම ව්‍යාපාරය ඉස්මතු කරයි. යහපත් සෞඛ්‍යය, ගෞරවය සහ ස්වයං කළමනාකරණය ප්‍රවර්ධනය කරන පරිසරයන් සහ ප්‍රතිපත්ති නිර්මාණය කිරීම කෙරෙහි ද එය අවධානය යොමු කරයි.
රටේ ජනගහනයෙන් සෑම පුද්ගලයින් 5න් 1 අයෙක් දියවැඩියාවට ගොදුරු වී ඇති බවත්දි යවැඩියා රෝගීන් 3න් 1 අයෙක් කුමන හෝ අක්ෂි රෝගයකට ගොදුරු වී ඇති බවත්අ ක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුසේන පවසනවා.
මෙලෙස අක්ෂි රෝගයකට ගොදුරුවන පුද්ගලයන් නිසි වෛද්‍ය ප්‍රතිකාර නොගතහොත් අන්ධභාවයට පත්වනු ඇති බව ද හෙතෙම පෙන්වා දෙනවා. ඇසේ සුද ඇතිවීම සාමාන්‍ය පුද්ගලයකුට වඩා දියවැඩියා රෝගියකුට පස් ගුණයකින් වැඩිබව පෙන්වාදෙන වෛද්‍ය බන්දුසේන, කලු ඉංගිරියාව තුවාල වීම, ග්ලුකෝමාව ඇතිවීම දියවැඩියා රෝගීන් අතර බහුල වන බවද පැවසුවා.
දියවැඩියා රෝගීන් වසරකට වරක් ඇස් පරික්ෂාවන් සඳහා යොමුවිය යුතු අතර දියවැඩියාව හේතුවෙන් අන්ධභාවයට පත්වනුයේ පෙර දැනුම් දීමකින් තොරව යැයි ද හෙතෙම සඳහන් කළා.
අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කේ. ආර්. දයාවංශ සඳහන් කරනුයේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් ඇති තරම් සිටියද ශල්‍යකර්ම කිරීමට අවශ්‍ය ශල්‍යාගාර පහසුකම් හා උපකරණ නොමැති වීමට බරපතල ගැටලුවක් බවට පත්ව ඇති බවයි.
මෙම කරුණු සියල්ල ඊයේ (13) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී වෛද්‍යවරුන් විසින් ඉස්මතු කරන ලදී. රටේ දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමග
නවීන උපකරණ සැපයේ, නියමිත පරීක්ෂණ ක්‍රමවේද සහ ප්‍රතිරෝධන වැඩසටහන් ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාවද වැඩිවේ.
For more information, please contact: Health Promotion Bureau – Sri Lanka