නොටින්හැම් විශ්ව විද්‍යාලය සහ රසායනික හා පාරිසරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයින්, ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් සමඟ එක්ව, දත් එනමලය අලුත්වැඩියා කර පුනර්ජනනය කරණ හැකි නව ද්‍රව්‍යයක් සාර්ථකත්ව සංවර්ධනය කර තිබේ. මෙම සොයාගැනීම දන්ත ප්‍රතිකාරය සහ දන්ත ප්‍රතිස්ථාපනය සඳහා නව නිර්මාණාත්මක දොරටුවක් විවෘත කරයි.
මෙම නව ජෙලය යෙදූ පසු, දත් මතුතලයේ මෘදු සහ ශක්තිමත් ආවරණයක් (scaffold) නිර්මාණය වන අතර එය ඉරිතැලීම්, සිදුරු සහ ඛනිජ ඌනතාවයන් පුරවයි. පසුව, එය අවශ්‍ය කැල්සියම් සහ පොස්පේට් අයන ඇදගනිමින් “එපිටැක්සියල් ඛනිජකරණය” නම් ක්‍රියාවලිය මඟින් නව එනමල් ස්ඵටික වර්ධනය කරයි. මෙය දත් වල ස්වාභාවික එනමලයට සමාන ශක්තිමත් ව්‍යුහයක් නැවත ගොඩනඟා ගැනීමට උපකාරී වේ.
ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිතයෙන් සිදුකළ නිරීක්ෂණවලදී, ඛාදනය වූ එනමල් මතුතලය සති 2ක ප්‍රතිකාරයකින් පසු පැහැදිලිව ප්‍රතිජනනය වෙමින් සිටීම පෙනී ඇත.
එනමල් ක්ෂය වීම ලෝක ජනගහනයෙන් අධික ප්‍රමාණයට බලපාන ගැටළුවක් වන අතර, දිරායාම, ආසාදන, දත් නැතිවීම සහ දියවැඩියාව, හෘද රෝග වැනි තත්වයන් සමඟද සම්බන්ධ වේ. එනමල් ස්වාභාවිකව පුනර්ජනනය නොවන නිසා, නැති වූ පසු එය සම්පූර්ණයෙන්ම නැවත ලබා දිය නොහැකි බව විශාල ගැටළුවකි. ඔවුන් සංවර්ධනය කළ මෙම නව ද්‍රව්‍යය මෙම ගැටළුවට විසඳුමකි.
Source: https://www.nottingham.ac.uk/news/new-gel-restores-dental-enamel-and-could-revolutionise-tooth-repair