අද (ඔක්තෝබර් 01) ලෝක ළමා දිනය සමරනු ලැබේ.
රටේ අනාගතය දරා සිටින දරුවන්ගේ සෞඛ්‍යය, ආරක්ෂාව සහ අයිතිවාසිකම් සුරැකීම සඳහා රජය සම්පූර්ණ කැපවීමෙන් ක්‍රියාත්මක වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද නිකුත් කළ පණිවුඩයකින් අවධාරණය කළේය.
ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ –
“දරුවන්ගේ කායික සහ මානසික සෞඛ්‍යය, නිසි පෝෂණය, සෞඛ්‍ය සේවා, සහ අධ්‍යාපනය සඳහා සමාන ප්‍රවේශය සපයනවා යනු අපගේ අරමුණයි. කිසිදු දරුවෙකුට ජාතිය, ආර්ථික තත්ත්වය හෝ වෙනත් සාධකයක් මත අධ්‍යාපනය අහිමි නොවිය යුතුය. ඔවුන්ගේ යහපැවැත්ම හා අනාගතය සුරැකීම අප සතු වගකීමකි” යනුවෙනි.
මෙවර ලෝක ළමා දිනය “ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්නට” යන තේමාව යටතේ සැමරේ.
ජනාධිපතිවරයා තම පණිවුඩයේ අවසානයේදී කියා සිටියේ –
“අපගේ දරුවන්ගේ සිනහවම අපේ ජාතියේ බලාපොරොත්තුව සහ ශක්තියයි. ඔවුන්ගේ සෞඛ්‍යය සහ අයිතිවාසිකම් සුරකිමින්, ආදරය සහ ආරක්ෂාව සමගින් ජීවත් වෙන්නට අපි නැවතත් කැපවෙමු.”