මහනුවර ජාතික රෝහලේ “සෙත් පියස” පිළිකා ප්‍රතිකාර ඒකකය, සාමාන්‍ය රෝහලක් තුළ මෙරට විශාලතම පිළිකා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය ලෙස, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතින් නිල වශයෙන් විවෘත කෙරිණි.
මෙම ව්‍යාපෘතිය 2012 වර්ෂයේ මහනුවර පිළිකා සංගමය විසින් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර 2014 වර්ෂයේ ශ්‍රී ලංකා රජයට භාර දී ඇත. වසර ගණනාවක් තිස්සේ අදියරෙන් අදියර ඉදිකිරීම් සිදු වූ අතර, වර්තමාන රජය මුදල් වෙන් කර ඉදිකිරීම් කඩිනම් කර 9 මහලක ගොඩනැගිල්ලක් සම්පූර්ණ කර ඇත.
විවෘත කිරීමේ උළෙලට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දිනිප්‍රිය හේරත්, මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු, රෝහලේ නිලධාරීන්, වෛද්‍යවරුන්, හෙද සහ හෙදියන්, ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සහ දානපතින් සහභාගී විය.
මෙම නව මධ්‍යස්ථානය මධ්‍යම පළාතේ පිළිකා ප්‍රතිකාර සේවාවන් වැඩිදියුණු කරමින්, අවශ්‍ය රෝගීන්ට අති නවීන ප්‍රතිකාර ලබා දීමට අපේක්ෂා කෙරේ.