ස්ටොක්හෝම්, ස්වීඩනය – 2025 වසරේ භෞතික විද්‍යා සඳහා වූ ප්‍රසිද්ධ නොබෙල් ත්‍යාගය බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ එක්සත් ජනපද ජාතික විද්‍යාඥයින් තිදෙනෙකුට පිරිනැමූ බව නොබෙල් ත්‍යාග කමිටුව අද (07) නිවේදනය කළාය.
මෙම අගනා සම්මානය හිමි වූයේ ජෝන් ක්ලාක් (John Clarke), මයිකල් එච්. ඩෙවොරෙට් (Michel H. Devoret) සහ ජෝන් එම්. මාර්ටිනිස් (John M. Martinis) යන විද්‍යාඥයින්ටය.
නොබෙල් කමිටුව අනාවරණය කළේ, මෙම විද්‍යාඥයින් තිදෙනා ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව (Quantum Mechanics) පිළිබඳ අභ්‍යන්තර ක්‍රියාකාරකම් සහ නව සොයාගැනීම් තුළින් විද්‍යා ලෝකයට දැවැන්ත දායකත්වයක් ලබාදුන් බවයි. ඔවුන්ගේ පර්යේෂණ ක්වොන්ටම් පද්ධති, සංඛ්‍යාත පාලනය, සහ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව නව දැක්මක් ලබාදීමට ඉවහල් විය.
නොබෙල් ත්‍යාග කමිටුව සඳහන් කළේ, ඔවුන්ගේ කාර්යය භවිය අනාගතයේ ක්වොන්ටම් පරිගණක තාක්ෂණය (Quantum Computing) සඳහා මූලික පියවරක් බවය.
මෙම නිවේදනය ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ පැවති විශේෂ උත්සවයකදී ප්‍රකාශයට පත් වූ අතර, ලෝක විද්‍යාමය සමාජය තුළ විශාල කතාබහක් ඇති කර ඇත.
📸 ඡායාරූප සහ විස්තර සඳහා: www.nobelprize.org