ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ආයුර්වේද සේවා සංවර්ධනයේ නව පියවරක් ලෙස, දෙයියන්දර H.P. පියසිරි ආයුර්වේද රෝහලේ අභිනවයෙන් ඉදිකළ නව තෙමහල් වාට්ටු සංකීර්ණය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් විවෘත කරන ලදී.
මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම පෞද්ගලික ආයෝජනයකින් ඉදිකර රජයට පිරිනැමූ අතර, රෝහල් සේවාවන් සඳහා අත්‍යවශ්‍ය වූ පංචකර්ම ප්‍රතිකාර පහසුකම්, නවීන උපකරණ, සහ විවේකශීලී වාට්ටු පහසුකම් සමඟ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සැලසී ඇත.
අග්‍රාමාත්‍යවරිය අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කළේ, “රටේ සංවර්ධනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශය එකට එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍යය. රටටත් සමාජයටත් වගකීමකින් ක්‍රියා කරන ව්‍යාපාරිකයින්ගේ දායකත්වය අපගේ සෞඛ්‍ය හා ආර්ථික අනාගතය ගොඩනැගීමට මූලික බලයක් වේ.”
ඇය වැඩිදුරටත් සඳහන් කළේ, මෙවන් ව්‍යාපෘති රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රාදේශීය හා තාක්ෂණික සංවර්ධනයට විශාල දායකත්වයක් වන බවත්, ප්‍රාදේශීය ජනතාවට විශ්වාසදායක ආයුර්වේද සේවාවක් ලබාදීමේ අරමුණ ඉටු වන බවත්ය.
මෙවැනි ව්‍යාපෘති මඟින් දේශීය රැකියා අවස්ථා සහ ප්‍රාදේශීය ආර්ථික වර්ධනය ශක්තිමත් වනු ඇති අතර මෙවැනි රාජ්‍ය–පෞද්ගලික එකමුතුවක් මගින් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හා සාර්ථක පෞද්ගලික ආයෝජන ආකෘති (PPP) ප්‍රවර්ධනය කිරීමට හැකියාව ලැබේ.
Follow the channel on WhatsApp: whatsapp.com/channel/0029VbAfhPmJf05bul6c8Q3g