Blog Post

Medicare Health News > Health > විෂ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහි “රටම එකට – ජාතික මෙහෙයුම” සඳහා රටක් ලෙස එක්වෙමු

විෂ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහි “රටම එකට – ජාතික මෙහෙයුම” සඳහා රටක් ලෙස එක්වෙමු

විෂ මත්ද්‍රව්‍ය ජාවාරම සහ එයින් ඇති සමාජ හා සෞඛ්‍ය බලපෑම් මුලිනුපුටා දැමීමේ අරමුණින්, රජයේ නව වැඩපිළිවෙල, “රටම එකට – ජාතික මෙහෙයුම” ඊයෙ දිනයෙහි කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙම ජාතික මෙහෙයුම රටේ සෞඛ්‍ය, ආරක්ෂාව සහ සමාජ සුරක්ෂිතභාවය ශක්තිමත් කිරීමට වැදගත් පියවරක් ලෙස සැලකේ. මෙම වැඩසටහනට ආගමික නායකයින්, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, ප්‍රාදේශීය ආයතන සහ විදේශීය තානාපතිවරු 50 දෙනෙකු ද සහභාගී වන අතර, සමස්ත රාජ්‍ය පද්ධතිය හා මහජනතාව එකමුතුවෙන් ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙහි ප්‍රධාන අරමුණ යනු,

  • තරුණ පරපුර සහ පාසල් ළමුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ආරක්ෂා කිරීම,
  • මත්ද්‍රව්‍ය සැපයුම අවම කිරීම,
  • සහ සමාජ මට්ටමින් අවබෝධය හා වගකීම ඉහළ නැංවීමයි.

එමගින් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් මහජන ආරක්ෂක කමිටු, පාසල් හා විශ්වවිද්‍යාල වැඩසටහන්, සහ ප්‍රජා මට්ටමේ සවිබලගැන්වීම් ක්‍රියාත්මක කෙරේ. මෙය රටේ සෞඛ්‍ය ප්‍රතිපත්ති හා සමාජ සවිබලගැන්වීම් දර්ශකවල නව පියවරක් ලෙස සැලකේ.

Follow the channel on WhatsApp: whatsapp.com/channel/0029VbAfhPmJf05bul6c8Q3g

Leave a comment

Your email address will not be published. Required fields are marked *